Local

අධිවේගී මාර්ගවල අවම වේග සීමා හඳුන්වා දීමට පියවර – නව විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනයක්

Tuesday, 30 January 2024 - 9:10 pm

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහන සඳහා අවම වේග සීමාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

නව විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි සති දෙකේදී නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

පුද්ගල විශේෂතා වලින් තොරව, සෑම දෙනාටම පොදු නීතියක් යටතේ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ගේ ජිවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය වන නව විධි විධාන සහිතව මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ හා සම්බන්ධ සියලුම විශේෂඥයින් මෙන්ම පොලිසිය හා අනිකුත් ආයතන සමඟ විශේෂ සාකච්ඡාවක් ද ඊයේ (29) පැවති බවත් හෙතෙම මෙහි දී පැවසීය.

එහි දී අනාවරණය වූ කරුණු අනුව, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අනතුරු බහුළ වීමට ප්‍රධාන හේතුව වශයෙන් අධික වේගයෙන් රිය ධාවනය කිරීම හා නියමිත වේගයට වඩා අඩු වේගයකින් ධාවනය කිරීමත් බව මෙහි දී අනාවරණය වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, පුද්ගලභේදයකින් තොරව සැමට එක සේ ක්‍රියාත්මක වන පොදු වන නීති රීති පද්ධතියක් ඇතුළත් වන ගැසට් නිවේදනයක් මෙලෙස සති දෙකක් ඇතුළත ඉදිරිපත් කෙරෙන බවත්, මේ සඳහා විශේෂඥ කමිටුවක් මඟින් ලබා දෙන නිර්දේශ මත මෙම කාර්යය සිදු කරන බවත් අවධාරණය කළේය.

එමෙන්ම, අධිවේගී මාර්ග වලදී අනතුරට ලක් වූවන් බේරා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පිරිස් යෙදවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වන අතර අධිවේගී මාර්ග වල උපරිම වේග සීමාව 100Kmph ලෙස සටහන් වුවත් අවම වේග සීමාවක් නොමැති හෙයින් අවම වේග සීමාවක් ද ඇතුළත් වන ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවත් හෙතෙම මෙහි දී පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT