Local

IMF ගිවිසුම සංශෝධනය කරයි..

Friday, 06 December 2024 - 10:38 pm

ශ‍්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ගිවිසුම සංශෝධනය කර ඇති අතර ඊට අදාල කරුණු ඉදිරි අයවැය මඟින් ප‍්‍රකාශ කරන බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

“අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ රාමුව තුළ සිටිමින් තමා ඊළඟ අවුරුදු තුනේදි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ ඇතුළේ අපි සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සංශෝධන කරලා තිබෙනවා. ඔවුන් සමග සාකච්ඡා කරලා, සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධනවල කරුණු රටේ ජනතාවට අයවැය තුළින් දැනගන්න පුළුවන්.

පාර්ලිමේන්තුවට තමා තිබෙන්නේ මුදල් බලය. අද්දැකීම් බහුල රනිල් වික්‍රමසිංහ හැමතැනම කිව්වා අපි බොරු කිව්වා වැට් එක අඩුකළේ නෑ කියලා. වැට් එක අඩුකරන්න ඕනේ. වැට් එක අඩුකරනවා. ඒක අඩුකරන්න පුළුවන් කාටද? ඒක මුදල් පනතක්. එතුමා අපේ අගමැතිනිට ටියුෂන් දෙන්නත් හැදුවානේ. බදු අඩුකරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින් විතරයි. පළමු සැලස්ම අයවැය සමග ක්‍රියාත්මක කරනවා”


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT