Local

පාතාල පෝස්ටර් කැම්පේන් KPI සහ පා.ව.බ. නමින්

Monday, 15 July 2024 - 8:09 am

අතුරුගිරිය ටැටූ කලාගාරයේදී පාතාල වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක් වූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතින් තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ලැබිණි. මීට වසර කීපයකට ඉහතදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවක දී මිය ගිය මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ දේහය තැන්පත් කර තිබෙන මහරගම ගොඩිගමුව ” නිදහසේ නවාතැන” නමින් හඳුන්වන සූසාන භූමියේ ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඉකුත් (13) දා මාකඳුරේ මධූෂ්ගේ ඡායාරූපයක් යොදා සකස් කළ බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.

එහි දකුණු පස ” අපේ අයියේ….. එක එක්කෙනා එවනවා. අපි එනකම් බලාගන්න…. යනුවෙන් මදුෂ්ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර එහි පහතින් KPI යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් 8 දා අතුරුගිරිය ටැටූ කලාගාරය තුළ දී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් රන් පැහැ ගැන් වූ ටී 56 හිස් ජීව උණ්ඩවලද සටහන්ව තිබුණේ KPI යනුවෙනි.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බව ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලබා සිටින බව කියන කංජිපාණි ඉම්රාන් පවසා ඇතැයිද පොලිස් ආරංචි මාර්ගවලින් කියවිණ. ක්ලබ් වසන්ත ඝාතනය වූ දා වැලිකඩ සිරගෙදර කැරැල්ලේදී වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවකු වූ කළු තුෂාර නමැත්තාගේ බිරිය (පසුකාලීනව මධුෂ්ගේ අනියම් බිරිය) මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැනේ සූසාන භූමිය වෙත පැමිණ ඉටිපන්දන් දැල්වූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඊයේ (14) මහරගම පමුණුව දුම්රියපොළ පාරේ මධුෂ්ගේ අනියම් බිරියගේ නිවස ආසන්නයේ ” පාතාලයේ හැම එකාම මදුශ් ගිය තැනට යන්න සැරසියල්ලා ” ” කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි” යනුවෙන් කුඩා පෝස්ටර් දෙකක් සටහන් කර එහි යටින් පා. ව . බ යනුවෙන් සටහන් කර ඇතැයි ද එලෙස සටහන් කර ඇත්තේ පාතාලය වළකන බළකාය යනුවෙන් අදහස් කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ ආකාරයෙන්ම සටහන් කරන ලද තර්ජනාත්මක සටහන් දෙකක් දෙමටගොඩ පොලිස් වසමේ ලක් හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවක සහ දෙමටගොඩ දුම්රිය අංගණය අසල ඇති දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ඇති බෝඩ් එකකද පෝස්ටර් දෙකක් අලවා ඇතැයිද කීය.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතාගෙන් විමසීමේ දී පැවසුවේ එම බැනර් සහ පෝස්ටර් පොලිස් භාරයට ගෙන ඒ සෑම තර්ජනාත්මකමක සටහන් සම්බන්ධයෙන් සහ ඒවා ප්‍රදර්ශන කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහරගම සහ දෙමටගොඩ ‍පොලිසි මඟින් විමර්ශන කිරීමට කටයුතු කරනු ඇති බවත්ය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT