Local

අමෙරිකාවෙන් දුන් ගුවන් යානය එලඹෙන සතියේදී දිවයිනට

Friday, 06 September 2024 - 7:30 pm

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද ගුවන් යානය එළඹෙන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

බීච්කාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන් යානයක් මෙලෙස ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග පවතින දිගුකාලීන සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් මත ලැබී තිබේ.

මෙම ගුවන් යානය 2022 වසර අග භාගයේදී නිමකර ඇති අතර රේඩාර් සහ කැමරා වැනි සමුද්‍ර ආවේක්ෂණ සංවේදනයක් ඇතුළුව අතිරේක වැඩිදියුණු කිරීම් ද ඇතුළත් කර 2024 මැද භාගයේදී සම්පූර්ණයෙන් නිම කර තිබේ.

සමුද්‍ර නිරීක්ෂණය සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වැඩිදියුණු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාවන් වැඩිදියුණු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

ඩොලර් මිලියන 19ක් වටිනා මෙම ප්‍රදානයට ගුවන් යානා සහ ආධාරක සේවාද ඇතුළත් වන බව තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වෙයි.

පුහුණුවීම් සහ පෙරහුරු කාලසීමාවකින් පසුව මෙම යානය නිල වශයෙන් භාරදීම මෙම වසර අගදී සිදු කිරීමට අපේක්ෂා කරනු ඇත.

ගුවන් යානය මෙරටට පැමිණීමෙන් පසු රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී වැඩිදුර පුහුණුවීම් සහ ඒකාබද්ධ කිරීම් කටයුතු සඳහා යොදා ගෙන පසුව ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි සමුද්‍ර සංචාර 3 වැනි බළඝනයට සම්බන්ධ කිරීමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT