Local

පසුගිය වසරේ අයවැය වඩා සුපරික්ෂාකාරි සියුම් සුපරික්ෂණයක් හා සියුම් පසුවිපරමක් සාක්ෂාත් කරගැනීමට කාර්යසාධන බලකායක්

Thursday, 23 November 2023 - 2:21 pm

පසුගිය වසරේ අයවැය වඩා සුපරික්ෂාකාරි සියුම් සුපරික්ෂණයක් හා සියුම් පසුවිපරමක් සාක්ෂාත් කරගැනීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය.

 

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය.

වසර 2023 වර්ෂය සඳහා අයවැය යෝජනා සමස්තයක් ලෙස 120 ඉදිරිපත් කළ බවත් ඒ සඳහා රුපියල් මිලියන 49480ක ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කළ බවද අමාත්‍යවරයා කීය.

මෙම යෝජනා වලින් ආදායම් යෝජනා 24ක් සහ ප්‍රතිපත්ති යෝජනා 17ක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත. මේ වනවිටත් ආරම්භ කර ක්‍රියාත්මකකරන මුළු යෝජනා සංඛ්‍යාව 62ක් බවද අමාත්‍යවරයා පැවසීය.
එම යෝජනා 62 තුළ ආදායම් යෝජනා 05ක් වියදම් යෝජනා 27ක් සහ ප්‍රතිපත්ති යෝජනා 30කින් සමන්විත වෙයි. දැනට ආරම්භ කර අවසන් කර ඇති යෝජනා ප්‍රතිශතය සමස්ත අයවැය යෝජනා සංඛ්‍යාවෙන් සියයට 86%ක් තරම් ඉහළ මට්ටමක පවතින බවද කීය.

මෙම අයවැය යෝජනා මධ්‍ය කාලීන හා දිගුකාලීන වශයෙන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන අතර සමහර යෝජනා වසර කීපයක් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු යෝජනා වෙයි.
අයවැය කාර්යසාධක බලකාය පිහිටුවීමේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර මූලික කටයුතු ගැඹුරින් සාකච්ඡා කර කාර්යසාධක බලකාය පිහිටුවිමේ කටයුතු ඉදිරියේ දී සිදු කෙරෙණු ඇති බවද කී රාජ්‍ය අමාත්‍යවරයා, තිරසාර සුපරික්ෂණයකට මඟ පෑදෙන අයුරින් සිදු කෙරෙනු ඇති බව පැවසීය


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT