තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වී පිහිටුවුන නව රජය යටතේ කර්මාන්ත කරුවන් නගා සිටුවා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නේ යැයි විපක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණය වෙනුවෙන් පූගොඩ ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මෙසේ කියා සිටියේය.
“කොමිස් දේශපාලනය සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ළඟදීම ඔබලාගේ නිවෙස්වලට මේ වැඩසටහන අපි රැගෙන එනවා. මේ රටේ ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කරනවා.”