Local

ඇතැම් රාජ්‍ය ආයතන තවමත් නිකුත් කරන්නේ 2012, 2013, වැනි වර්ෂවල වාර්ෂික වාර්තා - බුද්ධික පතිරණ

Saturday, 22 June 2024 - 7:55 pm

ඇතැම් රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා නිකුත් කිරීම නිසි පරිදි සිදු නොකරන බැවින් වහාම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය යුතු බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ඇතැම් රාජ්‍ය ආයතන තවමත් නිකුත් කරන්නේ 2012, 2013, 2014, 2015 වැනි වර්ෂවල වාර්ෂික වාර්තා. මේ සම්බන්ධයෙන් මෙම ආයතන ප්‍රධානීන් කැඳවා විමසීම් සිදුකළ යුතුයි. ඇතැම් ආයතන මෙම කාර්ය නිසි පරිදි සිදුකරන විට ඇතැම් ආයතන නොසලකා හරිමින් සිදුකරන මෙම ක්‍රියාවලිය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත පවා නොසලකා හැරීමක්.ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් නිකුත් කරන වාර්ෂික වාර්තා නිකුත් කර වසරක් දෙකක් ඇතුළතවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතුයි. නමුත් මම සඳහන් කරන ආයතන විසින් 2012, 2013, 2014, 2015, 2016, 2017 ආදී වර්ෂ වෙනුවෙන් නිකුත් කරන ලද ඒවා. ඇල්කඩුව වැවිලි සමාගම වගේ ඒවා. ඒ වගේම ඇතැම් ඒවා 2020වගේ වකවානුවේදී නිකුත් කරන ලද ඒවා. රාජ්‍ය වැවිලි සංස්ථාව 2017, 2018 වගේ කාල වෙනුවෙන් නිකුත් කරන ලද ඒවා. ඒ නිසා මම ඔබතුමාගේ හා පාර්ලිමේන්තුවේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුකරනවා. මොකද ඇතැම් රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන මේ පිළිබඳව තඹ දොයිතුවකටවත් අවධානය යොමුකරන්නෙ නැහැ. මේ අයට මේ ගැන අවබෝධයක් නැති කමද, අවධානය යොමුකරන්නෙ නැද්ද කියන එකනම් මට තේරෙන්නේ නැහැ. තේ මණ්ඩලය වගේ ඇතැම් ආයතන මේ වාර්තා හොඳට ඉදිරිපත් කරනවා.


Top Stories
wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT