පවතින නාඩු සහල් හිඟය ලබන වසරේ ජනවාරි දක්වා පැවතිය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදක සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පැවසීය.
මේ වන විටත් වෙළඳපොළේ නාඩු සහල් අලෙවි වීමේ ද අඩුවක් ඇතිබව පැවසීය.
නාඩු සහල්වල මිල ඉහළ යාමත් සමඟ වෙළඳුන් නාඩු සහල් අලෙවියෙන් ඉවත්වී තිබේ.
නාඩු සහල් වෙළඳ පොළට ලැබීමේ අඩුවක් ද ඇතිබව එහිදී පැවසීය.
මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් මෙම සහල් හිඟය පැවතිය හැකි බව වැඩිදුරටත් පැවසීය.