Local

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද සිට

Wednesday, 30 October 2024 - 11:32 am

මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

අද දිනට අමතරව නොවැම්බර් මස 4 වනදා ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.

ඊට අමතරව නොවැම්බර් මස පළමුවනදා සහ නොවැම්බර් මස 4 වනදා ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව සඳහන්.

අදාළ දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT