Local

මේ පක්ෂ තුනම එකතු කරගන්න තමයි මගේ නම් බලාපොරොත්තුව - බැසිල් රාජපක්ෂ

Friday, 15 March 2024 - 4:07 pm

තමාගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ තුනම එකතු කරගැනීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

මෙරට දිවයින පුරා සංවිධාන ජාලයක් තිබෙන පක්ෂ 2ක් ඇති අතර ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ බවද, ජන බලයක් තිබෙන සංවිධාන 2ක් ඇති අතර ඒ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද, ඒ අනුව සංවිධාන ජාලයක් සහ ජන බලයක් යන දෙකම තිබෙන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ නමුත් ඊට අමතරව රට ගෙන යා හැකි හොඳ නායකයෙකුත් අවශ්‍ය බවද, එය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වන නමුත් එක්සත් ජාතික පක්ෂයට සංවිධාන ජාලයක් හෝ ජන බලයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන්, තමාගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන තුනම එකතු කරගැනීම බවද, රටට යහපතක් වන්නේ මේ පක්ෂ තුනම එකතු වුවහොත් බවද ඔහු වැඩිදුරටත් පවසනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT