Local

ඩයනා ගේ ඉල්ලීම ගැන තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට අධිකරණය තීරණය කරයි

Wednesday, 15 November 2023 - 7:48 pm

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස ඇය ගේ නීතිඥවරුන් විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු තීරණයක් ප්‍රකාශයට පත්කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය අද (15) විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර තිබෙනවා.

සිය පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරු ව අග විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් ක‍ර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ඉල්ලීම අද අග විනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පූලි යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ සලකා ලැබීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT