සමගි ජන බලවේගය ප්රදර්ශනාත්මක දේශපාලනයක් සිදු නොකරන බවත්, පුද්ගල සන්නිවේදනය පදනම් කර ගනිමින් දේශපාලනය සිදු කරන බව සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පා.ම ඉමිතියාස් බාකිර් මහතා පැවසිය.
ඉමිතියාස් බාකිර් මහතා ඒ බැව් කියා සිටියේ (07) දින සමගි ජන බලවේගයෙන් නුවරඑලිය දිස්ත්රික්කය සදහා තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා ගිනිගත්හේන පක්ෂ කාර්යාලයේ පැවති රැස්විමක් අමතමිණි.
මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු ඉමිතියාස් බාකිර් මහතා කියා සිටියේ දැනට රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් වි සිටින්නේ සුළුතර ජන්ද ප්රතිශතයක් ඇති අයෙකු බවයි.
පොරොන්දු වු කිසිදු දෙයක් මේ වන තෙක් ඉටු කිරිමට වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් රජය අපොහොසත් වි ඇති බවත්, පවත්නා තත්ත්වය මත බුද්ධිමත්ව සිතා ජන්ද දායකයා මෙවර ජන්දය භාවිතා කල යුතු බවයි ඉමිතියාස් බාකිර් මහතා වැඩිදුරටත් කියා සිටියේ.