Local

ජනපති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

Sunday, 06 October 2024 - 11:22 am

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

එමෙන්ම අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත වුණා.

අනතුරුව ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර ජය ශ්‍රී මහා බෝ මළුවේ ප්‍රධාන ධර්ම ශාලාවේදී අටමස්ථානාධිපති හිමියන්, ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කර තිබෙනවා.

මෙහිදී කෙටි අනුශාසනාවක් සිදු කළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ රට, ජාතිය, ආගම සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කර මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වගකීම ජනාධිපතිවරයාගේ දෙවුර මත පැටවී තිබෙන බවයි.

එසේම රජ රටින් බිහි වූ රාජ්‍ය නායකයා ලෙස එම පළාතේ දුක් විඳින ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අත්හළ නොහැකි වගකීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT