අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම වෙනුවෙන් වනජීවී කාර්යාල සඳහා අමාත්‍යංශ වල භාවිතයට නොගන්නා කැබ් රථ ලබාදීමට අවධානය යොමුව ඇතිබව පරිසර වන ජීවි වන සම්පත් ජල සම්පාදන වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.
පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතා සහ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳව අවධානය යොමුව තිබේ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් ප්‍රාදේශීය කාර්යාල සඳහා රැහැන් සහිත දුරකථන සබඳතා නොමැති බැවින් පුද්ගලික සමාගමක් සමඟ එක්ව ගම්මාන සහ කාර්යාල අතර සන්නිවේදනය ශක්තිමත් කිරීමට එම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇතිබව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.