Local

නුවරඑලියේ දෙමල මන්ත්‍රිවරුන් අඩු කිරීමට කුමන්ත‍්‍රණයක්..

Saturday, 19 October 2024 - 10:06 am

මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දමිල මන්ත්‍රිවරුන් හයදෙනෙකු පාර්ලිමේන්තුවට තේරිපත්විමට ඇති අවස්තාව ස්වාධින කණ්ඩායම් ගණනාවක් ඉදිරිපත් කරමින් අවහිර කර ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ ලවකැලේ හොලිරුඩ් වත්තේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ තමන් පැවති රජයේ කැබිනට් ඇමතිවරයෙක් ලෙස කටයුතු කල නිසා එම බලතල උපයෝගි කරගෙන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට අවස්තාව ලැබුණු බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වතුකරයේ තරුණයන් තරුණියන් කොළඹ ප්‍රදේශයේ නිවාස වල රැකියාවල නිරතව සිටින බවට ප්‍රකාශයක් කල බවත්, ඉන් අනතුරුව වතුකරයේ ජනතාව පිලිබදව මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවයි.

වතුකරයේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල මට්ටමක පවතින බවත්, වතුකරයේ බොහෝ තරුණ තරුණියන් උපාධිදාරින් බවට පත් වි සිටින බව ජනාධිපතිවරයා නොදන්නා බවයි ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනිමට නම් වෘත්තිය සමිති මට්ටමෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට තරග කරන දමිල අපෙක්ෂකයින් පාර්ලිමේන්තුවට වැඩි ප්‍රමාණයක් යැවිමට කටයුතු කරන ලෙස ජිවන් තොණ්ඩමන් මහතා වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT