Local

කීර්තිමත් කේම්බ්‍රිජ් සරසවියෙන් ඇමති සබ්රිට ලැබුණු ඇරයුම

Sunday, 21 January 2024 - 7:39 pm

කීර්තිමත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාට ඇරයුම් කර තිබේ.

2024 ජනවාරි මස 23 වැනි දින පැවැත්වෙන සිය දේශනයේදී ආර්ථික ප්‍රතිසාධනය උදෙසා ශ්‍රී ලංකාව ගමන් ගන්නා මාර්ගය සම්බන්ධයෙන් අමාත්‍ය අලි සබ්රි මහතා අදහස් දක්වනු ඇත.

1815 වසරේදී ආරම්භ කරනු ලැබූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ලොව පැරැණිතම විවාද සමාජය වන අතර බලපෑම් කළ හැකි කථිකයන්ට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් හා බුද්ධිමය සංවාද දිරිමත් කිරීම සම්බන්ධයෙන් එය ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් වී තිබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීම පිණිස මීට පෙර ආරාධනා ලැබූ කථිකයන් අතර වින්ස්ටන් චර්චිල්, තියඩෝර් රූස්වෙල්ට්, බිල් ගේට්ස් සහ ස්ටීවන් හෝකින් වැනි ප්‍රකට පුද්ගලයෝ වෙති.

අමාත්‍ය සබ්රි මහතා මෙම ශිෂ්‍ය සංගමය ඇමතීම පිණිස මෑත ඉතිහාසය තුළ ඇරයුම් ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ප්‍රජාව මෙන්ම ගෝලීය ආර්ථික පර්යාලෝක සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන් මෙම දේශනයට සහභාගී වනු ඇතැයි අපේක්ෂිතය.

පුළුල් පරාසයකට අයත් මාර්තෘකා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විල්බර්ෆෝස් සමාජය, ලුසී කැවෙන්ඩිෂ් මුල්‍ය සමාජය සහ ශ්‍රී ලංකා ශිෂ්‍ය සමාජයද අමාත්‍ය අලි සබ්රි මහතාට ඇරයුම් කොට තිබේ. එම දේශන ජනවාරි 24 වැනිදා පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන විල්බර්ෆෝස් සමාජය සහ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සතු ලුසී කැවෙන්ඩිෂ් සමාජය ගෝලීය කරුණු සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡා පැවැත්වීම සඳහා අවස්ථා සපයයි.

ශ්‍රී ලංකාවේ අත්දැකීම අවබෝධ කරගැනීමටත් අමාත්‍ය අලි සබ්රි මහතා සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ප්‍රජාව අතර සංවාදයක් ගොඩනැඟීමටත් මෙම දේශන වැදගත් අවස්ථාවක් උදාකර දෙනු ඇතැයි අපේක්ෂිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT