Local

ජනපති-අගමැති මතගැටුමක්..?

Saturday, 26 October 2024 - 6:09 pm

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය අතර මත ගැටුමක් ඇතිව තිබෙන බව ඩේලි මිරර් වාර්තා කරයි.

සම්පත් අමරතුංග මහතා එහි සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට අග්‍රාමාත්‍යවරිය සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර තිබුණත් ඊට දිනකට පසුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉල්ලා අස්වන ලෙස සභාපතිවරණ දැනුම් දී තිබූ බව වාර්තා පවසයි.

ඒ අනුව මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.

හිටපු සභාපතිවරයා විසින් හඳුන්වා දෙන ලද නව වෙනස්කම් මත තම ප‍්‍රතිලාබ අහිමි වීමෙන් එහි පහළ මට්ටමේ වෘත්තීය සමිති විරුද්ධ වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තාව කියා සිටී.

කෙසේ වෙතත් අදාළ මාධ්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් ඩේලිමිරර් පුවත්පත වෙත දැනුම් දී ඇත්තේ අදාළ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ගැඹුරු කනස්සල්ල පළ කරන බවයි.

එම ප්‍රකාශය අසත්‍ය පදනම් විරාහිත හා මහජනතාවන් නොමඟ යවන සුළු ප්‍රකාශයක් වාර්තාවක් බවද එය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත් එමගින් ඉල්ලා ඇත.



Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT