දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුවලට අද ස්ථිර විසඳුමක් නොලැබුණහොත් හෙට සිට වෘත්තීය ක්රියාමාර්ග ගන්නා බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සුමේද සෝමරත්න මහතා සදහන් කරන්නේ වෘත්තීය ක්රියාමාර්ග ගත්තද මගී ජනතාවට කිසිදු අපහසුතාවක් සිදුවීමට ඉඩ නොතබන බවය.
බලධාරීන්ට අපහසු වන අයුරින් මෙම වෘත්තීය ක්රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසීය.