Local

ගොවීන් අතට ‘ගිනි අවි‘ දෙන්න යන කෘෂි ඇමති

Monday, 22 January 2024 - 9:01 pm

වනසතුන්‌ෙගන් සිදුවන වගා හානි පාලනයට ගොවි ජනතාව‌ෙගන් ඉදිරිපත්ව ඇති යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වනසතුන්‌ෙගන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින් විකල්ප යෝජනා ඉල්ලා සිටිය ද මෙතෙක් එක් පාර්ශ්වයකින් හෝ සාධනීය යෝජනා ඉදිරිපත් ව නැත. ඇතැම් පරිසර සංවිධාන වගාව වටා සාරි එල්ලීම, පොල්ගස්වල ටින් තහඩු එල්ලීම වැනි යෝජනා ඉදිරිපත් කළ ද ඒවා ඵල රහිත බව ගොවීහු පවසති.

මේ නිසා වනසතුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි ජනතාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ප්‍රමුඛත්වය ලබා දීමට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දින තුන තූළ අමාත්‍යවරයා වයඹ පළාතේ දුෂ්කරම ගම්මානවල ගොවි ජනතාව හමුවී ඔවුන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කළේය. මොරගොල්ලාගම, කටුපිටිගම, මූණමලේ වැව, බළල්ල බොරවැව, නියඳගම හා නිකවැව වැනි ප්‍රදේශ ගණනාවක ගොවීන් හමුවු අමාත්‍යවරයා ගොවි ගැටළු පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම සියලු ගොවි ජනතාව තම වගාවන් අත් හරින තත්ත්වයට පත්ව ඇති බව පැවසීය. විශේෂයෙන් රිළව්, වල් ඌරන්, දඩු ළේනුන් තම වගාවන් විනාශ කර බවත් මේ වනවිට ඔවුන් සිදු කරන වගා හානිය සියයට පනහ ඉක්මවා ඇති බව ද සඳහන් කළේය.

මේ නිසා මෙම වනසත්ව ගහණය අවම කිරීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි ද එසේ නැතහොත් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දීමේ නීතිය සංශෝධනය කර ගිනි අවි තමන්ට ලබා දෙන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළේය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා දැනට පතරොම් තුවක්කු සඳහා බලපත් නිකුත් කරනු ලබන්නේ අක්කර පහකට වඩා වැඩි ගොවිපොළවලට බැවින් එම ප්‍රමාණය අක්කර 02ක් දක්වා අවම කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

දැනට වනසත්ව හානිය අවම කරලීම සඳහා කිසිදු සාධනීය විකල්පයක් නොමැති බැවින් ගොවි ජනතාවගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වෙන බවත් අවධාරණය කළේය.

2023 වසරේ මෙරට පොල් වගාවේ ගෙඩි මිලියන 300ක් වනසතුන් විශේෂයෙන් දඩු ලේනුන් හා රිළවුන් විසින් විනාශ කර තිබෙනවා. 2022 දී මාස 06ක් තුළ පොල්ගෙඩි මිලියන 96ක් රිළවුන් හා දඩුළේනුන් විසින් විනාශ කළා. සමස්ත වගාවලින් සියයට 40ක් පමණ මෙම වනසතුන් විනාශ කරන බව තහවුරු වී තිබෙනවා. අලුතින් වගා නොකර තිබෙන වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වන්නේ නම් අපිට අලුතින් වගා නොකරම ආහාරවලින් ස්වයංපෝෂිත විය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමනිසා පරිසර සංවිධාන වනසත්වගහණය පාලනය සඳහා විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් නොකරන්නේ නම් රජය වශයෙන් තමන්ට ගොවි ජනතාවගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා මොරගොල්ලාගම කලාප තුනක් සඳහා තාවකාලික විදුලි වැට ලබා දීම ද සිදු කළේය. ඊට අමතරව බළල්ල ප්‍රදේශයේ දැනට ඉදි කර ඇති විදුලි වැට නිසා සාර්ථකව ඇති ගොයම් වගාව ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT