Local

සජිත්ට ඡන්දෙ දෙනවාට වඩා හතර වසරෙ මගේ පුතාට ඡන්දය දෙන්න…

Thursday, 29 August 2024 - 5:34 pm

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය දෙනවාට වඩා හතර වසරේ සිටින තමා කුඩා පුතාට ඡන්දය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාවතගම ජන රැලිය අමතමිනි.

එහිදී ඔහු මෙසේ ද සඳහන් කළේය.

මේක රටේ තීරණාත්මක මැතිවරණයක් වෙනවා. අපේ රටේ විධායක ජානධිපතිවරු කිහිපදෙනෙක් සිටියා. නමුත් ඔවුන් මතකයි. ඇමැතිවරු, විපක්ෂ නායකවරු, මන්ත්‍රීවරු අමතකයි. අපි. පත්කරන ජනාධිපතිවරයා යටතේ තමයි මේ රට තිබෙන්නේ. ඇමැතිවරයාගේ ඇමැතිකම ඉවත් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්. ජේ.ආර් ජයවර්ධන ජනාධිපති වෙලා 1983 වසරේ දී කළු ජුලියි ඇති කළා. සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. එදා හමුදාවේ මිනී 6 ක් බොරැල්ල කනත්තයට ගෙනවිත් ආදාහනය කළ අවස්ථාවේ දෙමල ජනතාව මරා දමන්න ඔවුන්ගේ වෙළඳසල් ගිනි තබන්න කටයුතු කළා. එයින් පසුව නායකයින් කටයුතු කළ ආකාරය අපි දන්නවා. 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. හමුදාවට වැඩිම තරුණ තරුණියන් පිරිසක් එකතු වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒ නිසා එතුමාට සලකන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට ණය නැහැ. යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා මේ රට සංවර්ධනය කරන්නත් කටයුතු කළා. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරජායට පත්වූ පසුව මෛත්‍රීපාල සිරිසේන් මහතා බලයට ආවා.

2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගන්න සමත් වුණා. කෙසේ වුවත් පැවැති තත්ත්වය හේතුවෙන් 2022 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වෙන්න අපි උදව් කළා. මේ වසරේ ජනාධිපතිවරණයක් වෙනවා. නාමල් රාජපක්ෂත් ඒ ජනාධිපතිවරණ සටනේ ඉන්නවා. අපි පළමුව බලන්නේ මාතෘභූමියයි. මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා. නාමල් රාජපක්ෂ හැර අනෙකුත් අපේක්ෂකයන් සියිලු දෙනා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියනවා. නමුත් එය ක්‍රියාත්මක නොකරන බවට නාමල් රාජපක්ෂ කෙලින්ම කියනවා. ඒ අනුව මේ ඡන්දය ඔහුට ලබාදෙනවා. දැන් අනුර කුමාර දිසානායක මහතාත් ඡන්ද සටනේ ඉන්නවා. බැරිවෙලාවත් ඔහු ජනාධිපති වුණොත් කොහොමද මේ රට හදන්නේ. ඔහුට හදලා පුරුදු නැහැ. කඩා බිඳ දමලා තමයි පුරුදු. හම්බන්තොට වරාය තිබෙනවා ද නැද්ද කියා ඔහු කියයුතු වෙනවා. නතර වුණු ග්‍රාම සංවර්ධනය ඔහු පැමිණියාම පටන් ගන්නවාද කියා දැනගන්න අවශ්‍යයි. ඒ නිසා අනුර කුමාරට මේ රටේ බලය ගන්න බැහැ. පිල්ලෙයාන් කියනවා ජනතා විමුක්ති පෙරමුණ කොටින්ට ආයුධ දුන්නා කියනවා. යම්කිසි විදියකින් ජනතා විමුක්ති පෙරමුණට බලය ගියොත් එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආදියේ මිනිස්සු මරා දානවා. ඒ නිසා අනුර කුමාර දිනන්නේ නැහැ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT