Local

දිලිත් ජයවීර උපායමාර්ගික සැලැස්ම පැහැදිලි කරයි

Monday, 19 August 2024 - 10:57 am

ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදුකිරීමට සෙසු ජනාධිපතිධුර අපේක්ෂකයින් සතුව නැති උපාය මාර්ගික සැලැස්ම තමන් සතු බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අද (18) මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති විද්වත් සහ ව්‍යවසායක හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

'ඔන්න දැන් ජනාධිපතිවරණයක් ඇවිත් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්නවා. අපි දාමු නාමල් රාජපක්ෂත් මෙතනට. මේ හැමෝම කැබිනට් ඇමතිවරු වෙලා ඉඳලා තියෙනවා. අනුර කුමාර ලංකාවේ හිටපු බලවත්ම කැබිනට් ඇමතිවරයෙක්. ඔහුට තරමි බලවත් කෘෂිකර්ම අමාත්‍යාංශයක් කවදාකවත් හම්බවෙලා නෑ. අපේ නාමල් කුමාරයත් එහෙමයි. ඔහුට අමාත්‍යංශ 5ක් දුන්නා. මේගොල්ලො තමා කියන්නේ අපි යම් යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා. අනුර කුමාර අපේ මිත්‍රයා, ඔහු තමයි ලොකුම බොරුව කරන්නේ.  ඔහු වක්‍රව හැම ආණ්ඩුවකටම වගේ උදව් කරලා තියෙනවා. සෘජුව ආණ්ඩු 2ක ඉඳලා තියෙනවා. විශේෂයෙනම් මේ රට මෙතරම් දූෂිතවීමට හේතුවක් වුණු මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය . ඉතින් දැන් දූෂිත දේශපාලනය වෙනස් කරන්න ඔවුන් එක මොහොතක්වත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ද? ගෙනාව යෝජනාවට විරුද්ධ වෙනවා හැරෙන්නට. ඇයි මේ දුෂිත දේශපාලනයේ ඔවුන් කොටස්කරුවන්.  දැන් බලන්න ඔවුන්ගේ වේදිකාවල රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෑස් ටැංකියක් ගෙනැල්ලා ගෑස් ටැංකිය පුපුරවන්න පුළුවන් ආයි පෝලිම් එයි කියලා මිනිස්සු බය කරලා ඡන්දේ ගන්න හදනවා. පෝලිම් ඇති කරපු අයත් එක්ක එකතුවෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියාගෙන කියාගෙන ගියා ලැයිස්තුවක් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන ආකාරය ගැන. උසුළු විසුළු සහගතයි. වැඩපිළිවෙලක් එකේ කිව්වේ නෑ. ඒ වගේම අනුර කුමාර කියනවා. අපි ආවාම ඉන්ධන මිල අඩු කරනවා කියලා. අපි ආවාම පොත්පත්වලට ගහපු වැට් එක අයින් කරනවා මේ වැඩේ කරන්න ජනාධිපති කෙනෙක් ඕනේ ද ? මේක ද ජනාධිපතිවරයෙකු විසින් ජනතාවට කිවයුතු දේ . මේ රටේ මිනිස්සු මෝඩයින් ලෙස සලකා පරණ පුරුදු දේම කියනවා නම් මෙන්න මේක නිවැරදි කර ගන්න ඕනේ. ඒ නිසා තමයි උපායමාර්ගික වැඩපිළිවෙලේ දෙවන කෙටුම්පත් අපි මේ ඔබ වැනි විද්වතුන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහි අපි යෝජනා කරලා තියෙන සංකල්ප වලින් වඩා වැදගත්ම සංකල්පය ඔබ සියලුදෙනා දැන ගත යුතුයි. උපායමාර්ගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරිය , මෙහි අපි යෝජනා කරන්නේ ජාතික ප්‍රමුඛතා හා අරමුණු ජයගැනීම වෙනුවෙන් නිශ්චිත උපායමාර්ගික කාලරාමුවක් සහිතව ඉලක්ක කරා මෙහෙයවන මධ්‍යම අධිකාරියක්. මේ ඇමතිවරුන්ට ඕනේ සෙල්ලම් කරන්නට බැරි වෙන්න රටට අවශ්‍ය යි මෙන්න මේ අධිකාරිය.  අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති අපේක්ෂකවරුන්ගෙන් මෙවැනි සංකල්ප එළියට ගන්න මිසක් පරණ පුරුදු විදියටම මිනිස්සු රවට්ටන එක නෙමෙයි. '


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT