Local

IMF මීලග සමාලෝචනය අයවැයෙන් පසුවට කල් යයි..

Friday, 01 November 2024 - 6:17 pm

මෙම වසර අවසානයේ දී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉන් අනතුරුව හැකි ඉක්මනින් ණය ‘පැහැර හැරීමේ‘ ශ්‍රේණියෙන් ඉවත් වීමට කටයුතු කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර පැවති ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව අතරවායේ දී Economynext ප්‍රවෘත්ති අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.

මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය, දැනට තිබෙන ‘පැහැර හැරීම‘ ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණියට එසවෙනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා සිය විශ්වාසය පළ කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ තෙවන සමාලෝචනය මේ වන විට ප්‍රමාද වී ඇති අතර, මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ඇතුළත් වීම නොවැම්බර් අවසානය හෝ දෙසැම්බර් මුල කාලය දක්වා ප්‍රමාද වීම ඊට හේතු වී ඇති බවයි.

“තෙවන සමාලෝචනය දෙසැම්බර් අග වන විට අවසන් කළ යුතුව තිබෙනවා. නමුත් ඊට පෙර, ලබන වසර සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි පූර්ව ක්‍රියාමාර්ග කළ යුතුව තිබෙනවා. එය සිදුවන්නේ ලබන වසරේ මුල් මාස තුන ඇතුළත. මෙවැනි කාරණා නිසා තෙවන සමාලෝචනයේ ප්‍රමාදයක් සිදුවිය හැකියි“, යනුවෙන් මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT