Local

‘නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024’ නැරඹීමට ජනපති එක්වෙයි

Saturday, 11 May 2024 - 7:59 am

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024 (Housing & Construction Inte ational Expo – 2024) නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ (10) එක්විය.

‘ශ්‍රී ලංකාව ගොඩනඟමු’ තේමාව ඔස්සේ මෙවර ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර, එය මෙරට ඉදිකිරීම් කේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රධාන සමාගම්වල වෙළෙඳ කුටි 300කින් සමන්විතය.

මෙම ප්‍රදර්ශනය සඳහා පළමු වරට එක්ව සිටින චීනයේ ප්‍රධාන සමාගම් 30කට අයත් නිෂ්පාදනවලින් සමන්විත වෙළෙඳ කුටි මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු ඉදිකිරීම් තාක්ෂණය විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටිවලින් ද සමන්විත මෙම ප්‍රදර්ශනය මේ මස 12 වැනිදා දක්වා පැවැත්වේ.

දෙස් විදෙස් වෙළෙඳ කුටි සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා, ප්‍රදර්ශනයේ සංවිධායකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ ජයන්ත පෙරේරා, මහ ලේකම්/ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT