Local

ගොම අස්සේ සඟවා ප්‍රවාහනය කළ දැව තොගය මාට්ටු

Tuesday, 23 January 2024 - 7:54 pm

ගොම අස්සේ සඟවා ප්‍රවාහනය කළ දැව තොගයක් පොලිස් විශේෂ කාර්යය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙයි.

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය ‍කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටි. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් කිලිනොච්චිය ‍කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.පි. චමින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22)   කිලිනොච්චිය පොලිස් වසමේ ඉරණමඩු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ඉරන ලද බුරුත ලී 164ක්, මාදං කඳන් 20ක් සහ ඉරන ලද මාදං ලී 04 ක් අක්කරායන් රක්ෂිතයෙන් කපා ලොරි රථයට පටවා එම ලොරිය පිටුපස ගොම වලින් අසුරා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය ‍අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT