Local

JICA නියෝජිතයින් හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

Thursday, 16 November 2023 - 4:40 pm

ජයිකා - ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA – Japan Inte ational Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා (Mr. Yamada Tetsuya) මහාතා සහ ව්‍යාපෘති සම්පාදන උපදේශක මියකේ යුකාකෝ (Ms. Miyake Yukako) මහත්මිය, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණි.

මෙහිදී යමඩා ටෙට්සුයා මහතා විසින් සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයිකා ව්‍යාපෘතිය මගින් දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ආධාර වැඩ සටහන් පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් අතර, “ආසාදිත අපද්‍රව්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියෙන්” රෝහල් 15 කට ප්‍රතිලාභ හිමිවීම පිළිබදව ද, “පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සදහා රෝහල් වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතිය” මගින් මෙරට ප්‍රධාන රෝහල් 3 ක් සංවර්ධන කිරීමට පියවර ගැනීම හා “ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍රකරගත් සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම” යන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදවත් යමඩා ටෙට්සුයා මහතා විසින් දීර්ඝ ලෙස අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලදී.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියාසිටියේ, මෙම ව්‍යාපෘතිය කඩිනම් කර ගැනීමට සෑම මට්ටමකම නිරන්තර අධීක්ෂණය හා සම්බන්ධීකරණය ඉතා වැදගත්ම අවශ්‍යතාවය බවය.

වසර 70 කට අධික කාලයක සිට ජපානය හා ශ්‍රී ලංකාව දැඩි මිත්‍රශීලීත්වයකින් කටයුතු කරන බවත්, විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය මගින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති බවද, එම ව්‍යාපෘති කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද JICA නියෝජිතයින් හට දන්වා සිටියේය.

ඉතා ඉහල මිත්‍රත්වයකින් කටයුතු කරන ජපානය, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට භෞතික පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉහල ගුණාත්මක වර්තමාන කාලීන අවශ්‍යතාවයට සරිලන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීම පිළිබදව ද, දිගුකාලීනව ජපාන රජයේ හා ජපාන ජනතාවගේ පරිත්‍යාගශීලීත්වයට ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙනුත් සිය කෘතඥතාවය පල කර සිටියේය.

මෙම සාකච්ජාමය අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, වෛද්‍ය ප්‍රියාෂා විජේනායක, වෛද්‍ය දිලංක තිලකරත්න, JICA ව්‍යාපෘතියේ සහකාර නිලධාරිනී එරංගා රාජපක්ෂ යන මහත්ම මහත්මින් ද සහභාගී විය.

 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT