Local

සමාජ මාධ්‍යවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමත් තහනම්

Wednesday, 13 November 2024 - 12:58 pm

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අවසන් වී ඇති බැවින් සමාජ මාධ්‍යවල සිදුකරනු ලබන සියලු ප්‍රචාරණ කටයුතු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා.

ඒ අනුව දේශපාලන පක්ෂ, අපේක්ෂකයින්, පක්ෂ සහ අපේක්ෂකයින්ගේ අනුගාමිකයින් සහ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සමාජ මාධ්‍යවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙසයි එම කොමිසම දැනුම්දෙන්නේ.

යම් ආකාරයකින් එවැනි ප්‍රචාරණ කටයුත්තක් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදු කරන බවට වාර්තා වන්නේ නම්, එම ප්‍රචාරණවල අන්තර්ගත කරුණු ඉවත් කිරීම සඳහා අදාළ සමාජ මාධ්‍ය ආයතනවලට යොමු කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

මේ අතර පසුගිය ඔක්තෝබර් මස 11 වනදා මධ්‍යාහ්න 12.00 සිට නොවැම්බර් 11 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වන පැමිණිලි 490ක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබෙනවා.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT