ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත්, අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනෙක් අද (07) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරන ලද දැනුම්දීම මත, ජාත්‍යන්තර පොලීසිය මගින් එම සැකකරුවන් සඳහා රතු නිවේදන ද නිකුත් කර තිබූණා.
රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා, ප්‍රදීප් සදරුවන් සහ නාඩ කන්දගේ උපාලි යන සැකකරුවන් මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතයි.