Local

බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන කම්කරුවන් එක්ක බෝතලේ ගහන නායකයො රට කනවා - නන්දන ගුණතිලක

Thursday, 11 July 2024 - 9:24 pm

බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන කම්කරුවො එක්ක බෝතලේ ගහන නායකයෝ රට විනාශ කිරීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පැවැසීය. කොළඹදී ඊයේ (08) පැවැති ‘එක්ව ජය ගමු‘ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා පැවසුවේ රට දැවැන්ත අභියෝග ජය ගනිමින් ඉදිරියට යන මොහොතේ වෘත්තීය සමිති පාරට බස්සවා රට විනාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයත් වර්තමානයත් අනාගතයත් ගැන හොඳින් දන්නා තමන් රට අවුල් නොකරන ලෙස ජවිපෙන් ඉල්ලා සිටින බව ද කීවේය. මේ අයට අවශ්‍ය කරන්නේ රට අවුල් කරන්න. මාස හතරෙන් බලයට එනවා කියනවා නම් මොකටද මේ අය වර්ජන කරන්නේ. රට ආපස්සට යවන්න හදන්නේ මොකටද, මාත් එක්ක එදා හිටපු අය එක්වෙලා ජනතා විමුක්ති පෙරමුණ හැදුවා. අද ඉන්න ජවිපෙ නායකයන් එදා ජවිපෙ අසීරු අවස්ථාවේ සිටියේ නැහැ. අනුර කුමාර උපාධිය කරන්න ගියා. මගේ උපාධිය මං සම්පූර්ණ කළේ නෑ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ හිටියේ. ආපු දේ ඉදිරියට ගෙනියන්න ඕන හින්දා මම පූර්ණ කාලීන දේශපාලනය කළා. අපේ පරම්පරා දෙකක් හිටියේ නෑ. අපිට දේශපාලනයෙන් පලායන්න වුවමනාවක් තිබ්බේ නෑ. අපි ඒක කරන්න උත්සාහ කළා. දේශපාලන මණ්ඩලයේ හිටපු හත් දෙනෙක්ම අද ජනතා විමුක්ති පෙරමුණේ නෑ. අද මේ කරන කාලකණ්ණි ක්‍රියාව ඇතුළේ මිනිස්සු ගැන ආදරයක් කරුණාවක් නැහැ. යැයිද හෙතෙම කීවේය.

සුභාෂිණී සේනානායක


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT