Local

අස්වැසුම සුබසාධක වැඩසටහන ඉදිරියට ගෙනයාමට ප්‍රදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කරයි

Friday, 10 November 2023 - 5:51 pm

  • සෑම ගමක් සඳහාම අස්වැසුම වෙනුවෙන් වෙනම  නිලධාරියෙක්.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන  ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය .

ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය සමඟ  ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේදී  මෙම තීරණය ගත් බව සඳහන් කළ ඒ මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් එය පැවති බවද සඳහන් කළේය.

අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට  ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියකු පත් කිරීමටද මෙහිදී එකඟතාව පළ වූ බවත් ජයන්ත විජේරත්න මහතා පැවසීය .

ඒ සමග අස්වැසුම  සුබසාධක වැඩසටහනේ පවතින තාක්ෂණික ගැටළු කඩිනමින් විසඳා ගෙන ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බවද ඒ විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද, 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලබයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT