පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යූසුෆ් පවසනවා.
ඒ අනුව අදාළ බහාලුම් සමග තමන්ට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
තමන් කිසිදු විටක දී දේශපාලනය සිදුකිරීමට නොපැමිණි බවත් තමන්ට අවශ්‍ය වුයේ ජනතාවට සේවය කිරීමට පමණක් බවත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි ඔහු සඳහන් කළේ.
පරික්ෂා කිරීමකින් තොරව නිදහස් කළ බහාලුම් තොගය ආණ්ඩුව විසින් පත්කළ ආණ්ඩුකාරවරයෙකුට අයත් බවට විපක්ෂ කණ්ඩායම් විසින් චෝදනා කර තිබූ අතර එයට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.