Local

"සමගි ජන සන්ධානය හොරු එක්ක ඩීල් දේශපාලනයක් නැහැ" සජිත්

Saturday, 17 August 2024 - 11:22 am

සමගි ජන සන්ධානය, හොරු සමඟ ඩීල් දේශපාලනයක් කිසිලෙසකත් ක්‍රියාත්මක නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (16) කුරුණෑගල පැවැති සමගි ජන සන්ධානයේ මංගල ජන රැළියට එක්වෙමින්. එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ සමගි ජන සන්ධානයේ දේශපාලන ගමන ක්‍රියාත්මක වන්නේ ප්‍රතිපත්ති මත පමණක් බවය. බාර් ලයිසන් වලට මුදල් වලට මන්ත්‍රී ධුර ලබා නොදන බවත් සියළු මුදල් වියදම් කරන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් බව ඔහු කියා සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ තමන් සමඟ එකතුවූ මන්ත්‍රීවරුන් ඇමතිකම් අපේක්ෂාවෙන් සිය කණ්ඩායමට එක් නොවූ බවය. අපි කණ්ඩායම ජනතාව රැවට්ටුවේ නැති බවත් හිස් ෆයිල් කවර පෙන්වලා ජනතාව මුලා නොකල බව ඔහු කියා සිටියා. එමෙන්ම මෙවර ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම තමන් ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් මෙහිදී කියා සිටියා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT