Local

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා… වතු කම්කරුවන්ටත් සාධාරණයක් කරනවා..- ජනපති

Monday, 04 November 2024 - 7:15 pm

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවිමෙන් පසු පළමු අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවාත් සමග වතු කම්කරුවන්ට සාධාරණයක් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ (03) දින ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණය සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා නුවරඑලිය ග්‍රේගරි වැව පළමු අදිර පරිශ්‍රයේ පැවති රැස්විමකදිය.

මෙම රැස්විමේදි අදහස් දැක් වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ

එළඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා, හිටපු ජනාධිපති කියනවා රාජ්‍ය සේවකයින් වැටුප් වැඩි කරන්න අනුමැතිය ලබාගෙන තිබුණලු, සල්ලි තිබුණලු, ඉතින් දෙන්න තිබුණනේ.

රාජ්‍ය සේවකයින් වැටුප් වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කලා, එතකොට සද්දයක් නැ, විශ්ව විද්‍යාල අනද්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනය කලා, විශ්ව විද්‍යාල වැහිලා තිබුණා, දැන් පැරදිලා ගිහින් කියනවනවා.

වතු කම්කරුවන් රැටවිමකට ලක් කලා, මැයි දින කොටගලදි කිව්වා රු 1750 ක් දෙනවා කියලා, තවමත් කිසිදු වතු කම්කරුවෙකුට 1750 ක් ලැබිලා නැ.

අන්න එහෙම තමයි ඒ අයගේ වැටුප් වැඩි කිරිම්, අපි සාධාරණ වැටුපක් වතු කම්කරුවන්ට ලබාදෙන්න කටයුතු කරනවා.

හැමදාම ආණ්ඩුවෙන් ජනතාව යැපෙන්න අවශ්‍ය නැ, ආර්ථිකය ස්ථාවර වනතුරු අප ජනතාව රැක බලා ගන්නවා, ඉන් පසු ජනතාවට ඔවුන් කරන රැකියාවලින් හොද ආදායමක් උපයා ගන්න පුළුවන්, ජනතාවට හොදින් ජිවත් වෙන්න පුළුවන් සමාජයක් ජාතික ජන බලවේගය ස්ථාපනය කරනවා.

කොතරම් කාලයක් අපි මේ සිහිනය දැක්කද? ජනතාව ගොඩ දාන්න කොතරම් සිහින දැක්කද? දැන් අපිට ඒ අවස්තාව උදා වෙලා තියෙනවා.

අපි දශක කිහිපයක් සටන් කලා නමුත් රට ගොඩ නගන්න අපිට අවස්තාව ලැබුණේ නැ, නව ව්‍යාවසායකයින් බිහි කිරිමට ප්‍රාග්ධනය යෝජනා ක්‍රමයක් අපි හදනවා.

මෙතෙක් තනාපතිධුර සදහා යවලා තියෙන්නේ දේශපාලඥයින්, ඔක්කොම ආපසු කැදවන්න තිරණය කලා, තනාපති කාර්යාල වල වැඩි පිරිසක් වැඩ කරන්නේ දේශපාලඥයින්ගේ දරුවන් ඒ අය වහාම කැදවුවා.

නුවරඑලිය ජනාධිපති මැදුර වටා විශාල ඉඩමක් තියෙනවා, එම ඉඩමේ කාබනික පොහොර භාවිතා කරලා සාර්ථික එලවළු වගාවක් සිදුකරනවා, එම එලවළු වගාවෙන් සෑම සිකුරාදකම එලවළු කිලෝ 60 ක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවනවා.

එහෙම තමයි පැරණි අය ජිවත් වෙලා තියෙන්නේ, එගොල්ලෝ කාබනික එලවළු කාලා ජිවත් වෙනවා, රටේ ජනතාව රසායනික පොහොර භාවිතා කරපු එලවළු කැමට ගන්නවා.

මම ජනාධිපති වුණාට පස්සෙත් එහෙම එලවළු පාර්සල් කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලයට ආවා, මම ඒ ගැන සොයලා බැලුවා, මම කිව්වා ඒ එලවළු ආරක්ෂක අංශ නිලධාරින්ට ආහාර සදහා ලබාදෙන්න කියලා යනුවෙන් පැවසිය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT