Local

නිදහස ලැබෙද්දී ලංකාවට ඉහළින් හිටියේ එක රටයි.. දැන් ලංකාවට වඩා යටින් ඉන්නේ එක රටයි…

Monday, 16 September 2024 - 9:26 pm

අපේ බලය මාරු වී ඇත්තේ රජාගෙන් රජාට බවත්, එහෙත් ලබන 21 වැනි දින ඓතිහාසික දිනයක් බවට පත්වෙමින් මේ රටේ පොදු ජන ව්‍යාපාරයකට බලය ලැබෙන දිනය බවට පත් වන බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ යටියන නගරයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ඉතිහාසය තුළ අප රජාට බයයි. පෘතුග්‍රීසි, ඉංග්‍රීසි, ලන්දේසීන්ට බයයි. දැන් අවුරුදු 76ක් මේ වලව් හතරකට බයෙන් අප ජිවත් වුණේ. සමෘද්ධි කඩමල්ලක් දීලා අපේ රටේ මිනිසුන්ගේ කොඳු කඩල තියෙන්නේ. උසස්වීම් ලබා නොදෙයි කියලා, සමෘද්ධිය කපයි කියලා, ඡන්දය දවසට ගෙදරට ගල් ගහයි කියලා බයයි. ඒ නිසා අප ඉතිහාසයේ රජාට බයයි. මේ ත්‍රාඩ වලව් හතරට බයෙන් අප ජීවත් වුණේ.

ලංකා බලය මාරු වුණේ රජාගෙන් රජාටයි. කවදාවත් මේ බලය පොදුජන ව්‍යාපාරයකට ඇවිත් නැහැ. තැළෙන, පෑගෙන, පොඩිවෙන මිනිසුන්ට ආවේ නැහැ. අප රනිල් ගැන මොනවත් කියන්නේ නැහැ. රනිල් දැන් පිටියෙ නැහැ. එයාලගෙ දේශපාලනය මහ පොළොවෙ ඉවරයි. සුදු කොඩි ඔසවා වයධම්මා සංඛාරා කියන්න විතරයි ඉතිරි වෙලා තියෙන්නේ.

2048 රට හදා, කන්න දෙන්නම් කියා රනිල් පසුගියදා කිව්වා. මේක හදන්න පුළුවන් රටක්. රට මැද තියෙනවා කඳු පන්තියක්. ඉන් එන ගංගා 103ක් තියෙනවා. අනු ගංගා 90ක් තියෙනවා. අභ්‍යන්තරයේ ජලාශ 32,000ක් තියෙනවා. රට වටා දැවැන්ත මුහුදක් තියෙනවා. ඒ මුහුදෙන් සැතපුම් 200 ගණනක් අයත්ව තියෙනවා. අධික ශීත දේශගුණය නුවරඑළියේ. උෂ්ණ දේශගුණය හම්බන්තොට, සෞම්‍ය දේශගුණය රට මැද.

අප නිදහස ලබන විට අපට ඉහළින් හිටියේ එක රටයි. දැන් යටින් අපට වඩා ඉන්නේ එක රටයි. හාල් සේරුවක් ණයට ගෙන හෝ මේ ඓතිහාසික ජයග්‍රහණය සැමරිය යුතුයි. අඩි 2ක් කපනකොට වතුර තියෙනවා. නිරිතදිග මෝසම, ඊසාන දිග මෝසම ඇති තරමට වහිනවා. මේක වාසනාවන්ත රටක්. අප හම්බ කරගන්න මුදලින් දැන් භාගයක් දෙන්නේ ආණ්ඩුවටයි. ඒවායින් උන් බාල බෙහෙත් ගෙනත් මිනිසුන් අන්ධ කරනවා. මේ විනාශය වහාම නතර කළ යුතුයි. එය නතර කරන්න අප සුදානම්.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT