Local

IMF සහාය නැතිව මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කරන්න බෑ…- හඳුන්නෙත්ති

Saturday, 31 August 2024 - 7:46 pm

දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනස් කළහොත් රට නැවත කඩා වැටෙනු ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ මහතා කරන ලද ප්‍රකාශයට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ප‍්‍රතිචාර දක්වයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මහ බැංකු අධිපතිවරයාට එවන් දේශපාලන ප්‍රකාශයක් කරන්න කිරීමට අයිතියක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

අද වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති එකඟතා හේතුවෙන් ඔවුන් සමග කටයුතු කිරීමට සිදුවන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය නොමැතිව මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කළ නොහැකි බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

නමුත් රටක් විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රටක් විදියට අප මිස ඒ ආයතනය නොවන බවත් ඔහු අවධාරණය කරයි.

පුවත් පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කර තිබේ.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආරම්භ වූ කාලයේ සිටම ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ගෙන තිබෙනවා. ඒ නිසා ඒ ආයතනයත් සමග කටයුතු කිරීමට අපිට හැකියාව තිබෙනවා. නමුත් අපි රටක් විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රටක් විදියට අපි මිසක් ඒ ආයතනය නොවෙයි.

පසුගිය කාලයේ රටේ ආර්ථික කළමනාකරණය බිඳ වැට්ටවීම නිසා තමයි අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්න සිද්ධ වී තිබෙන්නෙ. අපි අපේ ආදායම වියදම නිවැරදිව කළමනාකරණය කර ගත හොත් කාටවත් අත නොපා අපිට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්. නමුත් දැන් අපි ඉන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගනිමිනුයි.

ඒ නිසා අපිට ඒ අයත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරන්න බෑ. නමුත් ඒ ආර්ථික ප්‍රකෘතිමත් කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්න අපි අපේ රටට ජනතාවට ගැළපෙන ආකාරයට අදාළ කොන්දේසි සකස් කර ගෙන දෙපාර්ශ්වය අවබෝධයෙන් හා සහයෝගයෙන් කටයුතු කිරීම අපේ ප්‍රතිපත්තිය කියල අපි මීට කලිනුත් කියල තිබෙනවා’


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT