Local

සෞඛ්‍ය අමාත්‍යවරයා ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වේ

Thursday, 16 November 2023 - 4:04 pm

රෝහලේ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු කඩිනමින් සහ විධිමත්ව සිදු කරන ලෙස මාධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ (CECB) නිලධාරීන්ට උපදෙස්.

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය, ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මකවන ආකාරය මෙන්ම සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු හා සංවර්ධන කටයුතු පිළිබදව අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (15) එම රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU), ස්නායු රෝග පරික්ෂණ ඒකකය, වෛද්‍ය රසායනාගාරය, ස්නායු රෝග භෞතවේද ඒකකය, කැතීටරීකරණ ඒකකය (Catheter Lab), විද්‍යුත් ඛණ්තුරේඛණ අංශය (ECG), ළමා දැඩිසත්කාර ඒකකය (PICU), ප්‍රධාන මුළුතැන්ගෙය, ඉදිකෙරෙමින් පවතින මහල් 10 කින් යුත් වාට්ටු සංකීර්ණය, බාහිර රෝගී අංශය පිළිකා ප්‍රතිකාර ඒකකය සහ රෝහල් පරිශ්‍රය සෞඛ්‍ය අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

රෝහලේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු කඩිනමින් හා විධිමත්ව සිදු කරන ලෙස එම කටයුතු සිදු කරන මාධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ (CECB) නිලධාරී මහත්වරුන් වෙත උපෙදස් ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා, ඉදිරි සංවර්ධන කටයුතු වලට අදාල මුල්‍ය ඇස්තමේන්තු කඩිනමින් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටින ලදි. මෙම වසර තුල සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමටත්, ඉදිරි වසර සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණ සිටි රෝගීන් සමග ද සුහදව කථාබස් කරමින් රෝගීන් මුහුණ දෙන ගැටළු පිළීබදව සිය අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකා කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් අතර, රෝහල් කාර්ය මණ්ඩලවල ගැටළු පිළිබදව සිය අවධානය යොමු කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එචි.එම්.එන් දිනිප්‍රිය, අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ එම්.ඩී.යු.එම් රංග, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන නිශානි උබේසේකර සහ හර්ෂණී උබේසේකර, ප්‍රධාන ගණකාධිකාරි එස්.ඩබ්.මදනායක යන මහත්ම මහත්මීන් ඇතුලු රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

 


Top Stories
wedivistara

අයහපත් කාලගුණයෙන් සිදුවූ වගා හානි තක්සේරු කිරීම ආරම්භ කෙරේ

wedivistara

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

wedivistara

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

wedivistara

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

wedivistara

A330-200 ගුවන්යානය අද දිවයිනට

wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT