Local

හිටපු ඇමතිලා 12ක් තවමත් නිල නිවාස අල්ලගෙන..

Tuesday, 29 October 2024 - 10:19 pm

හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

අදාළ නිල නිවාස සම්බන්ධ මූලික පරීක්ෂාවන් සිදු කර අවසන් කර තිබේ.

එහිදී නිල නිවසට අයත් ගෘහ භාණ්ඩ ඇතුළු වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

ජල,විදුලි ඇතුළු සියලු බිල්පත්වල ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසු නිල නිවාස භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.

කිසිදු හිඟ මුදලකින් තොරව නිල නිවාස භාරගන්නා බව එම අමාත්‍යාංශය සදහන් කරයි.

මෙතෙක් භාරනොදුන් නිල නිවාස හෙට (30) වනවිට භාරදීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.

එසේ නොවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පවසයි.

රජය සතු අමාත්‍ය නිල නිවාස සංඛ්‍යාව 28ක් බව එම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT