Business

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

Wednesday, 07 August 2024 - 10:06 am

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම විජයග්‍රහණය සමස්ත අපනයන වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන අතර, එය  මුළු ආහාර පාන අපනයනයෙන් 61%ක් සහ රටේ සමස්ත අපනයනවලින් 14%ක් වේ.

හලාල් සහතික කළ අපනයන වලින් ඇ.ඩො.බිලියන 1.29ක් තේ අපනයනයෙන්ද ඇ.ඩො.මිලියන 191ක් සකස් කරන ලද සහ කල් තබා ගන්නා ලද පලතුරු, ඇට වර්ග සහ අනෙකුත් ආහාරයට ගත හැකි ශාක කොටස් වලින්ද සමන්විත වේ. මීට අමතරව සෝස්, සුප් සහ අයිස්ක්‍රීම් ඇතුළු සැකසූ ආහාර පාන වර්ග, සාරයන් සහ සාන්ද්‍රණයන් මඟින් ඇ.ඩො.මිලියන 111 ක දායකත්වයක්ද මේ සඳහා ලබා දී තිබේ.

හලාල් සහතික කළ ආහාර පාන අපනයනයේ (තේ හැර), කැපී පෙනෙන වර්ධනයක් පෙන්වමින් 2012 වසරේ සිට 2023 වසර දක්වා 10% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කිරීමට හැකිවීමෙන් ශ්‍රී ලංකාවේ හලාල් නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලුම මැනවින් දැක්වේ.

මෙම අපනයන සඳහා වන ප්‍රධාන වෙළඳපොළවල් අතරට ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයට (OIC) අයත් රටවල් සහ අයත් නොවන රටවල් යන දෙවර්ගයම ඇතුළත් වේ. තුර්කිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ අසර්බයිජානය යන ප්‍රමුඛතම OIC රටවල් පහෙන් 2023 වසරේදී හිමිවූ අපනයන ආදායමේ වටිනාකම ඇ.ඩො.මිලියන 501ක්ද OIC නොවන රුසියාව, එක්සත් ජනපදය, ජර්මනිය, චීනය සහ නෙදර්ලන්තය යන රටවල් වලින් ලද අපනයන ආදායම ඇ.ඩො.මිලියන 382.74ක් ලෙසද ගණන් බලා ඇත.

වෙළඳ හිඟය අවම කර ගැනීම සහ ගෙවුම් ශේෂය ඉහළ නැංවීම සඳහා අපනයන ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දැඩි ලෙස අවධාරණය කර ඇත. ජනගහනයෙන් 30% කට වඩා වැඩි පිරිසක් කෘෂිකර්මාන්ත අංශයේ රැකියාවල නිරත වන බැවින් ආර්ථිකය ශක්තිමත් කිරීම, අපනයන ආදායම වැඩි කිරීම, ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ග්‍රාමීය දරිද්‍රතාවය අවම කිරීම සඳහා කෘෂිකර්මාන්තයේ දිගුකාලීන සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණකි.

හලාල් ප්‍රතීතන කවුන්සිලය (HAC) මෙම සාර්ථකත්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර එහි ප්‍රමිතීන් සහ මෙහෙයුම් අඛණ්ඩව යාවත්කාලීන කරමින්, ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින්ට ඇ.ඩො.ට්‍රිලියන 2ක වටිනාකමකින් යුත් ගෝලීය හලාල් වෙළඳපොළට පිවිසීමට හැකියාව ලබා දෙයි.

හලාල් සහතික කිරීම මඟින් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට සිදුකරන අත්‍යාවශ්‍ය සේවාව නිසා, හලාල් ප්‍රතීතන කවුන්සිලය අඛණ්ඩව වසර දෙකක් (2022-2023) ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් රන් සම්මානයෙන් පිදුම් ලබා ඇත. තවද, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් හිමි කරගැනීමටද කවුන්සිලය සමත් වූ අතර  එහි ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා ඇති කැපවීම මේ තුළින් මනාව  විදහා දැක්වේ.

ශ්‍රී ලංකාව හලාල් සහතික කළ අපනයනත්  තවදුරටත් පුළුල් කිරීම තුළින්, කෘෂිකාර්මික අංශයට විශාල ජයග්‍රහණ හිමි කරගැනීමේ අවස්ථාව මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරය ශක්තිමත් කරමින් ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයටද දායක වීමට හැක.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT