Local

රත්නපුර වාරි සංවර්ධනයට රු. කෝටි 60ක්

Monday, 08 January 2024 - 9:55 am

ගංවතුර පාලනය ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ වාරි සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 60ක් (රුපියල් මිලියන 600ක්) වෙන් කිරීමට වාරිමාර්ග, වන ජීවී හා වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ.

ස්වාභාවිකව සිදු වන කාලගුණ සහ දේශගුණ අහිතරකර බලපෑම් හමුවේ රත්නපුර දිස්ත්‍රික් ජනතාව සෑම වසරකම පීඩාවට පත්වන අතර, ඒ සඳහා පිළියම් යෙදීමට ඇමැතිනිය විසින් රුපියල් මිලියන 600කට ආසන්න වැය ඇස්තමේන්තුවක් සහිත ඉතා කාලෝචිත වැඩපිළිවෙළක් යෝජනා කර ඇත. ඒ සඳහා මූලික වටයේ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍යාංශයේදී ඊයේ (07) ඇමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වාරිමාර්ග අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන (CResMPA), මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP), ඒකාබද්ධ ජලාධාර ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (IWWRMP) යන ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට ඇමැතිනිගේ සැලැස්මවී ඇත.

මේ අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු ව්‍යාපෘති අධ්‍යක්ෂවරු සහභාගී වූහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT