Local

මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධයෙන් ගැටලු

Thursday, 08 August 2024 - 12:50 pm

මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධ ගැටලු පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය පවසයි.

ඇය පෙන්වාදෙන්නේ සිදුකරන ලද සීමිත පර්යේෂණවලින් ඒ බව අනාවරණය වී ඇති බවය.

දරුවන් හට සුවබර නින්දක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට දෙමව්පියන්ගේ කාර්යය භාරයක් වන බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය.

'ලංකාවේ දරුවන් අතරින් නින්ද සම්බන්ධයෙන් ගොඩක් ලොකු පර්යේෂණ සිදුකරලා නැති වුණත් තිබෙන සීමිත දත්තවලට අනුව පෙනී ගිහින් තියෙනවා අවුරුද්දක් වනතුරු දරුවන් අතරේ 25%ක දරුවන්ට ගැටලු තියෙනවා කියලා. ඒ වගේම නව යොවුන් වියේ දී නින්ද අඩුකම නිසා ඇති වෙන බලපෑම් ඇති වෙලා තියෙනවා වගේම වැඩිහිටි සහ තරුණ අයගේ නින්දේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන බව ලංකාවේ තිබෙන සීමිත දත්තවලින් පවා පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට ගැඹුරු මතකයක් ලෙස ස්ථාවර මතකයක් ඇති කරගන්නත් හොඳ නින්දක් ඕනේ. ඒකට එයා පුංචිකාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ නිදා ගන්න.'

මේ අතර එක් එක් වයස් කාණ්ඩ අනුව දෛනිකව නිදාගත යුතු පැය ගණන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ද විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය.

'උපතේ ඉඳලා මාස තුනක විතර කාලයේ දී පැය 14 - 17ක් පමණ නිදා ගත යුතුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල තියෙනවා. මාස 4 සිට අවුරුද්ද දක්වා පැය 12 සිට පැය 16කුත්, අවුරුද්දේ සිට අවුරුදු 2 දක්වා පැය 11 සිට පැය 14 දක්වාත්, අවුරුදු 3 සිට අවුරුදු 4 දක්වා පැය 10 සිට පැය 13කුත්, අවුරුදු 5 දරුවෙකුට පැය 10 සිට පැය 12 දක්වා නිදා ගත යුතුයි. අවුරුදු 5 දක්වා දරුවන්ට  24න් 50%කට වැඩිය නින්ද අවශ්‍යයි. එය මානසික හා ශාරීරික සෞඛ්‍යට හා වර්ධනයට බලපායි. වැඩිහිටියෙක් නම් අඩුම තරමින් පැය 7ක් වත් නිදා ගන්න ඕනේ.'

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT