Local

දෙළුම් වගාවට හදුන්වා දුන්න ‘මලී PINK’ සහ ‘ලංකා RED’

Wednesday, 24 January 2024 - 9:18 pm

පටක රෝපණ පර්යේෂණ තුළින් ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට හඳුන්වාදුන් නවතම ප්‍රභේද 2 වන ‘මලී PINK’ සහ ‘ලංකා RED’ වගාව සඳහා ගොවීන්වෙත හඳුන්වාදීම අද(24) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය විසින් මෙම පටක රෝපණ පර්යේෂණ සිදු කර ඇත.මෙම නවතම ප්‍රභේදවල දෙළුම් ගසක ආයූ කාලය වසර 30ක් වන අතර, එක ගසකින් වසරකට දෙළුම් කි‍ලෝග්‍රෑම් 20-25ත් අතර ප්‍රමාණයක් නෙළා ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

අක්කරයකට ගස් 400ක් වගා කළ හැකි අතර, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන08ක ආදායමක් ඉපයිය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.විශේෂයෙන් මෙම දෙළුම් වර්ග දෙක වියළි කලාපයේ වගාවට සුදුසු වන අතර නව දෙළුම් ප්‍රභේද දෙක වගාව සඳහා ගොවීන්ට ලබා දීම ද ඇමැති අමරවීර මහතා අතින් සිදු විය.

දැනට ආනයනය කරන රතු පැහැති දෙළුම් ප්‍රභේදවලට විකල්පයක් වශයෙන් මෙම දෙළුම් ප්‍රභේද යොදා ගැනීමට හැකිවන නිසා දෙළුම් ආනයනය සඳහා වැයවන මුදල අප රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.



මෙරට වගා කළ හැකි එහෙත් විදෙස් රටවලින් ආනයනය කරන කෘෂිකාර්මික බෝග තවදුරටත් ආනයනය කිරීම වළක්වා ගැනීම සඳහාත්, අපනයනය කළ හැකි බෝග වර්ග ප්‍රවර්ධනය කිරීම සඳහාත් අවධානය යොමු කරන්නැයි ඇමැතිවරයා මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය , නවතම දෙළුම් ප්‍රභේද හඳුන්වා දුන් කෘෂි පර්යේෂණ විද්‍යාඥ ලංකා සමන්මලී මහත්මිය සහ පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය වින්ද්‍යා බස්නායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

හෝමාගම පැළැටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයට 25 වසරක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ද මෙහිදී පැවත්විණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT