Local

මුල්ලේරියාවේ දැරිය කෙලෙසූ පිරිස් සොයා විමර්ශන ඇරඹුවා

Friday, 12 January 2024 - 9:48 am

මුල්ලේරියාව ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක කලක සිට දූෂණය කළැයි කියන කණ්ඩායමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව මුල්ලේරියාව පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ ඊයේ (11) කරුණු වාර්තා කළේය.

ළමා හා කාන්තා කාර්යාංශයෙන් ලද තොරතුරකට අනුව මුල්ලේරියාව ප්‍රදේශයේ ජීවත් වන මේ බාලවයස්කාර දැරිය පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව ඇයගේ මවගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, පසුව දැරිය පොලිස් භාරයට ගත් බවත් මුල්ලේරියාව පොලිසිය අධිකරණයට පැවසීය. මේ දැරිය වයස අවුරුදු 14දී ඇයගේ සහෝදරයා සේවය කරන වැඩබිමක සිටි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත්, එහිදී ඔහු විසින් ඇය දූෂණයට ලක් කර ඇති බවත් දැරිය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කරුණු දැක්වීය. පසුව ඒ සම්බන්ධතාවෙන් පසු අරංගල ප්‍රදේශයේ තරුණයකු සමඟ යළිත් පෙම් සබඳතාවක් පවත්වා ඇති මේ දැරිය ඒ පුද්ගලයා අතින්ද දූෂණයට ලක් වී ඇති බවටත්, ඒ පුද්ගලයා තවත් පුද්ගලයන් දස දෙනකුට දැරිය අලෙවි කර ඇති බවටත් කරුණු හෙළි වී ඇතැයිද පොලිසිය වාර්තා කළේය.

මේ වන විට වින්දිත දැරිය අදාළ සැකකාර පුද්ගලයන් සම්බන්ධ තොරතුරු කිසිවක් ප්‍රකාශ නොකරන අතර, තමා ඔවුන් නොහඳුනන බවත් අමතක බවත් පවසන බව බවත්, ඇයගේ ජංගම දුරකතනයේ තිබූ දත්ත සියල්ල මකාදමා ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කළේය. ඒ අනුව දැරිය භාවිත කළ දුරකතනය තම භාරයට ගත් අතර, එය මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයට යොමු කර මකා ඇති දත්ත සම්බන්ධ වාර්තාවක් කැඳවීමට නියෝගයක් දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය. සිද්ධියට අදාළ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවූ බවත්, ඊට අනුව දැරිය අවස්ථා ගණනාවකදී දූෂණයට ලක් වී ඇති බවත් මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඒ.ජී.එස්. සුසන්ත සහ (පො.කො) 11848 ඒ.ජී.එස්.පී.කේ. අලුත්ගෙදර යන නිලධාරීහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

වින්දිත දැරිය ඊයේ (11) පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, සුදුසු භාරකාරිත්වයකට පත් කිරීමට නියෝගයක් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවීමට සහ ඇය තාවකාලිකව මවට භාර දීමට නියෝග කරමින් ලබන මැයි මස 9 වැනිදා දක්වා නඩුව කල් තැබුවාය.

 
 
 
 


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT