Local

ස්ථිර ලෙසම රටේ සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරනවා -ජනපති රනිල්

Thursday, 15 August 2024 - 8:22 pm

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීමට තමා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම මෙම සැප්තැම්බර් 21 තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළේ අද (15) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඒ අසළ මාර්ගය දෙපස රැස්ව සිටි ආධාරකරුවන් අමතමින්.

මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුවක් ගෙන යාමට නොහැකිවනු ඇතැයි බොහෝ දෙනා සිතූ රටක් වසර දෙකක් තුළ ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් ජනාධිපතිවරණයද පැවැත්වීමට හැකි පසුබිමක් නිර්මාණය කළ තමාට රට මින් ඉදිරියට ගෙන යාමේ ශක්තියද ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

රට ආර්ථික අර්බුදයකට පත්වූ අවස්ථාවේ එය විසඳීමට අත නොගැසූ නායකයන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි ජනතාව තීරණය කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ එදා ගිනිගත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යාමට තමා කටයුතු නොකළා නම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට ශ්‍රී ලංකාවට ද මුහුණ දීමට සිදුවන බවයි.

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ආර්ථිකය ඉදිරියට ගෙනවිත් අද මැතිවරණයක් පැවැත්වීමට හැකි රටක් නිර්මාණය කිරීමට තමාට දායකත්වය ලබාදුන් සියලු පාර්ශ්ව වෙත සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර තිබෙනවා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT