Local

කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම අද

Monday, 16 June 2025 - 10:04 am

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාව සඳහා තරග කළ කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරයක් ලබා ගැනීමට නොහැකි වුණා.

ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 05ක් හිමි වූ අතර මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක්, සර්වජන බලයට සභික ධුර 02ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක් හා ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් හිමි වුණා.

මීට අමතරව එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ට එක් සභික ධුරය බැගින් හිමිවී තිබුණා.

සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා.


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT