Local

ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

Saturday, 25 January 2025 - 10:36 am

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින බව නාවික හමුදාව පවසනවා.

ඒ අනුව ඊයේ (24) දිනයේදී නාවික හමුදාව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබුණා.

එම සහන කණ්ඩායම් විසින් බුද්ධංගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවට පත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සහ අධික වර්ෂාව නිසා ආපදාවට පත්ව ඇති ලාහුගල මහ වැවේ වැලි කොට්ට යොදා තාවකාලික ආධාරක ඉදි කිරීමේ කටයුතු සිදු කරමින් සිටින අතර මේ වන විට පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් 3009 දෙනෙකු වෙත නාවික හමුදා යාත්‍රා මඟින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සලසා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

තවද, ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර  සහන කණ්ඩායම් හතලිස් අටක් මේ වන විටත් සූදානමින් තබා ඇති බවද නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT