Local

සමෘද්ධි නිලධාරීන් ගැන තීරණයක්

Tuesday, 27 August 2024 - 9:10 pm

සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර් ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

2013 අංක 01 දරන දිවිනැගුම පනත හරහා දිවිනැගුම දෙපාර්තමේන්තුවපිහිටුවීමේදී එවකට සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන ලද සේවකයින් හට එම පනතේ ප්‍රතිපාදන යටතේ තම මනාපය පරිදි විශ්‍රාම වැටුපක් සහිතව එවකට දිවිනැගුම සංවර්ධන දෙපාර්‌තමේන්තුව වෙත අන්තග්‍රහණය වීමට අවස්ථා කිහිපයකදී අවස්ථාව සලසා දී තිබුණි.

එහෙත් විවිධ කරුණු හේතුවෙන් තම මනාපය සංශෝධනය කිරීමට නොහැකි වූ සේවකයින් 3,000 ක් පමණ සිටින බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, පවතින නීතිමය රාමුව තුළ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසමින් සමෘද්ධි සංර්වර්ධන දෙපාර්‌තමේන්තුව වෙත අන්තර්ග්‍රහණය වීමට එකී සේවක පිරිසට අවස්ථාව සලසා දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT