මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (24) දින රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි පතිත වන අතර, (25) දින අළුයම් කාලයේ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත්, නුවරඑලිය හැටන් මාර්ගයේ හැටන් සිට නානුඔය දක්වාත් මෙම ඝන මිදුම් තත්ත්වය වරින් වර පැවතිම හේතුවෙන් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
තවද කඩින් කඩ ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මාර්ග ලිස්සන සුළු බැවින් ඒ පිලිබදව අවධානයෙන් රිය ධාවනය කරවන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.