Local

තැපැල් ඡන්දය අද ඇරඹෙයි

Wednesday, 04 September 2024 - 11:28 am

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) සිට ආරම්භ වනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවට අයත් කාර්යාල, කාර්යාලවල නිලධාරීන් සහ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අධිකාරී, පොලිස් ස්ථානවල නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය අයත් නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නියමිතයි.

තැපැල් ඡන්ද සලකුණු කරන අවස්ථාව නිරීක්ෂණය සඳහා අපේක්ෂකයෙකු වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනෙකු, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් එක් අයෙකු බැඟින් ඇතුළුවීමට අවසර තිබෙනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරීම්, තැපැල් ඡන්ද විමසන ස්ථාන සහ පරිශ්‍ර ඡායාරූප ගත කිරීම්, වීඩියෝ ගත කිරීම් යනාදී දේ තහනම් වන අතර තැපැල් ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවන පරිශ්‍රයේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන කිසිඳු ඡායාරූපයක්, පත්‍රිකාවක්, සලකුණක් හෝ ලකුණක් ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.

තවද එම ස්ථානවල ඡන්ද ආයාචනා කිරීමද, ඡන්දය ලබාගැනීමට ඡන්දදායකයින් පෙළඹවීම් මෙන්ම ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් ප්‍රදර්ශනය කිරීමද සපුරා තහනම් බව සඳහන්.

මෙම නීති කඩ කළහොත් වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි බවරදක් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT