Local

පහතරට ගොවින් උඩරට එලවළු වගා කිරිමෙන් උඩරට ගොවින් අමාරුවේ..

Saturday, 05 October 2024 - 10:35 am

පහතරට වි ගොවින් එම වගාවෙන් ඉවත් වි නුවරඑලියට ආවේනික වු කැරට්, ගෝවා, බිට්රුට් වැනි එලළුව දෙමහුන් බීජ භාවිතා කරමින් වගා කිරිම නිසා උඩරට ගොවින්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වි ඇති බවට උඩරට ගොවින් මැසිවිලි නගති.

වැඩිදුරටත් අදහස් දැක්වූ නුවරඑළිය ගොවි ජනතාව කියා සිටියේ

උඩරට එළවළු වවන ගොවීන්ට කිසිම සහනාධාරයක් රජයෙන් ලබා දෙන්නේ නැහැ, නුවරඑළිය ප්‍රදේශයේ කවදාවත් වී වගා කරන්න අපට බැහැ, නුවරඑළියේ වැවෙන එළවළු ටික තමයි අල, කැරට්, ගෝවා, ලීක්ස් වගේ දේවල්.

වැලිමඩ ඇතුළු පහතරට ප්‍රදේශවල ගොවීන් එයාලට ලැබෙන පොහොර සහනාධාරයෙන් වී වගා කරන්නේ නැතුව අපට ආවේණික වුණු එළවළු වගා කරන එකෙන් වෙන්නේ අපේ එළවළු වලට ස්ථාවර මිලක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීමයි.

ඉස්සර නුවරඑළිය ජනතාව වගා කරේ හොඳ තත්ත්වයෙන් තිබෙන බීජ ඒවා නුවරඑළියට විතරයි සරුවට වැවෙන්නේ , දැන් තියෙන දෙමුහුන් බීජ ඕනෑම තැනකට වැවෙනවා, සහල් වලට ස්ථාවර මිලක් නොමැති නිසා පහතරට ගොවියොත් දැන් එළවළු වවන්න පටන් අරගෙන.

මේකෙන් දැඩි හානියක් වෙනවා, මොකද කිව්වොත් එළවළු වල මිල සීඝ්‍රයෙන් කඩා වැටෙන, ඒත් එක්කම ලංකාවේ පාරිභෝජනය සඳහා අවශ්‍ය සහල් නිෂ්පාදනය අඩුවීමෙන් පිටරටින් හාල් ගෙන්නලා වැඩි මිලට හාල් මිලදී ගන්න අපටම සිදුවෙනවා.

හාල් කිලෝවක් මිලදී ගන්න නුවරඑළිය කැරට් කිලෝ හතරක් විකුණන්න වෙලා තියෙන ශෝචනීය තත්ත්වයකට අපි දැන් පත්වෙලා ඉන්නේ.

ගොවීන් කියලා ගත්තහම මේකෙන් ගොඩාක් පීඩා විඳින්නේ උඩරට ගොවී කිසිම සහනාධාරයක් නැතුව බෝග වගා කරලා තුට්ටුවට දෙකට දෙන්න වෙලා තියෙනවා.

පහතරට ගොවීන්ට මේ තරම් ගැටලුවක් එන්නේ නෑ, මොකද එයාලට පොහොර සහනාධාරයට පොහොර ටිකවත් නිකන් ලැබෙනවා අපිට එහෙම දෙයක්වත් නැහැ.

වත්මන් කෘෂිකර්ම ඇමති ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අප ඉල්ලා සිටින්නේ පහතරට ප්‍රදේශවල වී වගාව අනිවාර්ය කර අපට ආවේණික එළවලු අපට බලන්න අවශ්‍ය වාතාවරණය සකසා දෙන ලෙසයි.

පහතරට ගොවීන්ට වගේම අපටත් සහනාධාර ලබා දෙනවා නම් අපි ඒ වැඩසටහන අගය කොට සලකනවා.

එහෙම සම්පූර්ණයෙන් අපට සහනාධාරයක් දෙන්න බැරි උනත් සීයට පනහක පොහොර සහනාධාරයක් ලබා දෙනවා නම් වත්මන් ආර්ථික තත්ත්වය හැටියට අපට ලොකු උදව්වක් වෙනවා යනුවෙන් පැවසිය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT