Local

ඡන්ද පෙට්ටි පස්සෙන් යන්න අවස්ථාව..

Sunday, 15 September 2024 - 9:27 am

මැතිවරණයක දී සිදු විය හැකි යැයි පැවසෙන ඡන්ද පෙට්ටි මාරු කිරීම් කිසිදු අයුරකින් සිදු නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

ඡන්ද පෙට්ටි මාරු කරනවා යනු හුදු යල් පැන ගිය අතීත මතයක් මිසෙක වර්තමානයේ දී සිදු නොවන ක්‍රියාවකි.

ඡන්ද පෙට්ටි ගණනය කරන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය දක්වා රැගෙන යාමේ දී එම සෑම පෙට්ටියකට ම අනන්‍ය වූ රහස්‍ය අංකයක් ඇති බව සභාපතිවරයා පැවසීය.

එම ඡන්ද පෙට්ටි භාරදීමේ දී ද ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයෙකුගේ පුළුල් අධීක්ෂණය සහ නිරීක්ෂණයන් මත එම කටයුතු සිදු වෙයි.
නැවතත් එම ඡන්ද පෙට්ටි භාර ගැනීමේ දී ද මධ්‍යස්ථාන නිරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

එබැවින් මහජනතාව හෝ දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් හෝ අවිශ්වාසයක් ඇති නොකරගත යුතුය.

මේ අතර ඡන්ද පෙට්ටි ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ දී දේශපාලන පක්ෂ නියෝජිතයින්ට කණ්ඩායමක් වශයෙන් සිය වාහන මගින් විශේෂ අවසරයක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ගෙන ඡන්ද පෙට්ටි පසුපසින් ගමන් කිරීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT