Local

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Tuesday, 19 December 2023 - 6:57 pm

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.
එහි මූලික පියවර ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා 2024 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඩිජිටල් ආර්ථිකය ලංකාව තුළ ප්‍රචලිත කිරීමට ලබන වසරේදී ජාත්‍යන්තර ආයෝජන වැඩමුළුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන දෙකකට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රතිලාභ 2025 වන විට ලාංකේය ජනතාවට භුක්තිවිඳීමට හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙසේද පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වන තෙක් ඩිජිටල්කරණය සහ කෘතිම බුද්ධිය වැනි වචන මෙරට භාවිතයට යෙදුණේ ඉතා අඩුවෙන්. ජනාධිපතිතුමාගේ දුර දක්නා නුවණ නිසා ආර්ථිකය ගොඩ නැංවීමට ඩිජිටල්කරණය හා කෘතිම බුද්ධිය පහසුවෙන් යොදා ගත හැකි බව පෙන්වා දුන්නා. ලෝකයේ රටවල මෙම ක්‍රමවේද භාවිතා කරමින් ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. ඒ අනුව මේ රටද දියුණුවන ලෝකය සමඟ ඉදිරියට යාමට නම් ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධියට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් මෙතෙක් මෙරට ආර්ථිකයට සියයට 03ක් වශයෙන් ඩිජිටල් ආර්ථිකය දැක්වූ දායකත්වය සියයට 20 දක්වා වැඩිකිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා 2024 අයවැය මඟින් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ඒ වගේම නව නිපැයුම් සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් සිදු කිරීමට ද මුල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.
ඒ වගේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට හැකි පරිසරය නිර්මාණය වනවා. ඒ තුළින් ආර්ථික දියුණුවට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දැනටමත් පෞද්ගලික අංශය වේගයෙන් ඩිජිටල්කරණයට යොමු වෙමින් තිබෙනවා. ඒ හා තරගකාරී සේවාවන් සැපයීමට රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට ඩිජිටල්කරණය මඟින් හැකියාව තිබෙනවා. මෙම සමස්ත ක්‍රියාවලිය හරහා ශක්තිමිත් ආර්ථිකයක් ගොඩ නැගීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT